දෙවන වර්ගයේ දියවැඩියාව

දෙවෙනි වර්ගයේ දියවැඩියාව වැළඳී ඇත්නම් ඔබට පහත රෝග තත්වයන් ඇති වීමේ අවදානම වැඩි නිසා ඔබගේ සෞඛ්‍ය ගැන අවධානය යොමු කල යුතු අතර නීති පතා පරීක්ෂණ සිදු කර ගත යුතුය:

  • හෘද රෝග සහ ආඝාතය
  • හැඟීම් හා වේදනාව අහිමි වීම (ස්නායු හානි) - ලිංගිකත්වය සමග ගැටලු ඇතිවීම
  • පාදවල ගැටළු - තුවාල හා ආසාධන වැනි
  • පෙනීම දුර්වල වීම සහ අන්ධ බව
  • ගබ්සා වීම් සහ මලදරු උපත්
  • ඔබගේ වකුගඩුවල ගැටළු ඇතිවීම

ඔබේ රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම හා නිතිපතා දියවැඩියාව පරීක්ෂා කිරීම, ඔබේ සංකූලතා ඇතිවීමේ අවදානම අවම කිරීම සඳහා හොඳම ක්‍රමයයි.

ඔබේ හදවත පරීක්ෂා කර ගන්න

ඔබගේ කොලෙස්ටරෝල් (blood fats) සහ රුධිර පීඩනය වසරකට වරක්වත් පරීක්ෂා කළ යුතුය. දියවැඩියාව, හෘද රෝග හා ආඝාතය ඇතිවීමේ අවදා නම වැඩි කරයි. එබැවින් අධි රුධිර පීඩනය හා අධි කොලෙස්ටරෝල් ඉතා ඉක්මනින් හඳුනාගෙන ප්‍රතිකාර කිරීම ඉතා වැදගත් වේ. ඔබ දැනටමත් ඉහළ කොලෙස්ටරෝල් සහ අධි රුධිර පීඩනය සඳහා ප්‍රතිකාර ලබා ගන්නේ නම්, එම ඖෂධ දිගටම පාවිච්චි කරන්න. දියවැඩියාව උග්‍ර වීමට දුම්පානය ද බලපායි.

දැනීම නැතිවීම

ඔබගේ ශරීරයේ යම් වෙනසක් දැකිය හැකි වුයේ නම් එය ඔබේ වෛද්‍යවරයාට හෝ දියවැඩියාව හෙදියන්ට දැන්විය යුතුය. දියවැඩියාවට ඔබේ ස්නායු වලට (neuropathy) හානි සිදුකළ හැකිය. මෙය සාමාන්‍යයෙන් ඔබේ පාදවලට බලපාන නමුත්, එය ඔබගේ ශරීරයේ අනෙකුත් කොටස්වලට ද බලපෑ හැකිය:

  • හිරිවැටීම
  • වේදනාව හෝ හිරි වැටීම
  • ලිංගික ගැටළු
  • මලබද්ධය හෝ පාචනය

කලින් ප්‍රතිකාර කිරීම මගින් ස්නායු වලට හානි වීම නරක අතට හැරීම වලක්වා ගත හැක.

ඔබගේ පාද රැක බලා ගන්න

සෑම දිනකම ඔබේ පාද පරීක්ෂා කල යුතුය. දියවැඩියාව, ඔබේ පාදවලට රුධිර සැපයුම අඩුකල හැකි අතර දැනීම අහිමි වීමට හේතු වේ. මෙයින් අදහස් වන්නේ පතුලේ තුවාල හොඳින් සුව නොවන අතර ඔබේ පාදයේ තුවාල හෝ අනතුරු වූවා නම් ඔබ නොදැන සිටිය හැක. මෙම ගැටළු වණ සහ අසාධන වලට හේතු විය හැකිය. පහත සඳහන් සරල දේවල් වැදගත් ය:

  • ආසාධනයන්ගෙන් වැළකීම සඳහා ඔබගේ පාද පිරිසිදුව සහ වියලිව තබා ගන්න
  • කැපීම සහ සීරීම් වලක්වා ගැනීම සඳහා පාවහන් නොමැතිව එලියට යාමෙන් වලකින්න
  • පාද වලට හොඳින් ගැලපෙන පාවහන් පළඳින්න

ඔබගේ පාදවල ඕනෑම වෙනස්කමක් දැක්කේ නම් ඔබ, ඔබගේ වෛද්‍යවරයා හෝ දියවැඩියා හෙදනිලධාරි හමුවන්න:

  • කැපීම්, ඉරිතැලීම් හෝ දියපට්ට
  • වේදනාව හෝ හිරි වැටීම
  • හිරිවැටුන පාද

ඔබගේ වෛද්‍යවරයා, දියවැඩියා හෙද නිලධාරී හෝ පාදය පිලිබඳ චිකිත්සක කෙනෙක් ලවා ඔබගේ පාද සෑම වසරකම පරීක්ෂා කර ගත යුතුය. කලින් ප්‍රතිකාර නොකරන ලද තුවාල හෝ ආසාධන gangrene බවට පත්විය හැක. එක්සත් රාජධානියේ සතියකට දියවැඩියා රෝගීන්ගෙන් 135 කට වඩා වැඩි ප්‍රමාණයක් ගාත්‍රා විසසනයට භාජනය වේ,.

ඔබේ ඇස් පරීක්ෂා කර ගැනීම

රුධිර වාහිනී වලට හානි පැමිණවී ඇත්ද යන්න සොයා බැලීම සඳහා සෑම වසරකට වරක්ම ඔබගේ ඇස් පරීක්ෂා කරගත යුතුය. රුධිර නාල වලට හානි පැමිණවීම නිසා ඇස් පෙනීමේ ගැටළු (diabetic retinopathy) සහ අන්ධභාවය ඇතිවිය හැක. ඇස් පරීක්ෂා කිරීම මගින්, ඇස් පෙනීමට හානි පැමිණවීමට කලින් ඒවා හදුනා ගත හැකිය. හානියට පත් වූ රුධිර නාල වලට කලින් ප්‍රතිකාර කිරීම මගින් පෙනීමේ ගැටළු වලින් ආරක්ෂා විය හැක. ඔබගේ ඇස් පෙනීම පිලිබඳ පහත සඳහන් දේ ඇතුළුව, ඕනෑම වෙනස්කමක් දැනුනේ නම් ඔබගේ වෛද්‍යවරයා හමුවන්න:

  • විශේෂයෙන් රාත්‍රියේදී බොඳ වී පෙනීම්
  • ඔබේ පෙනුමට පාවෙන හැඩයක් ගැනීම.(floaters)
  • ආලෝකයට සංවේදීතාව

ගර්භණීභාවය හා දියවැඩියාව

ඔබ දරුවෙක් ලබා ගැනීමට සිතනවා නම් ඔබගේ වෛද්‍යවරයා හමුවන්න. ඔබට දෙවෙනි වර්ගයේ දියවැඩියාව තිබුණත්, ආරක්ෂාකාරී ගර්භනී බවක් හා දරු උපතක් ලබා ගත හැක. නමුත් ඔබට මේ පිළිබඳව වැඩිපුර සැලකිලිමත් වීම අවශ්‍ය වන අතර ගර්භනී කාලයට පෙර හා ගර්භනී කාලය තුල වෛද්‍යවරයා හමුවීම අවශ්‍ය වේ.